Monday, October 26, 2009

සරසවි වල නවක ශිෂ්‍ය නව්‍යකරණය අන්තරය හා ජ.වි.පෙ(II)

බොහෝ විශ්ව විද්‍යාල නවක ශිෂ්‍ය /ශිෂ්‍යාවන් විශ්ව විද්‍යාල වලට පියනගනුයේ සුවහසක් බලාපොරොත්තු සාක්ෂාත් කර ගැනීම උදෙසා වුවද,බොහෝ විශ්ව විද්‍යාල වලට පිය නගන සිසුන් හට සිදුවනුයේ ජ්‍යේෂඨ උත්තමයන් ලෙස පෙනී සිටින වධකයන් රැළකට මුහුණ දීමටය.මෙම ලිපිය ලියන මාද මොවුන්ගේ හිංසනයන්ට ගොදුරුව සිට ඇති බැවින් මෙම කරුණ පිළිබඳ වඩ වඩාත් හොදින් කරුණු ලිවීමට හැකියාවක් වනු ඇත.
බොහෝ සරසවි වල නවකයින් පැමිණ දෙවන දිනයේ සිට මෙ‍ම නවක වධ ක්‍රියාවලියට මුහුණ දීමට සිදුවේ.මේ සදහා ‍ජ්‍යේෂඨ සිසුන් සැලසුම් සකස් කරනුයේ නවකයන් පැමිණීමට මාස කීපයකට පෙරය,මේ සඳහා ක්‍රියාකාරී කමිටුව නැමැති ව්යූහයක් ශිෂ්‍ය සංගමය විසින් සකස් කරනු ලබයි.මෙම කමිටුවේ නිල කාර්්‍යභාරය වනුයේ නවක සිසුන් විශ්ව විද්යාලයට හුරු කර ගැනීම සඳහා පරිපාලනයට සහාය වීමයි.එය එසේ වුවද අභ්‍යනන්තරයේදී එය එසේ නොවේ. එමෙන්ම මෙ‍ම කමිටු සාමාජිකයන් ඊළග වසරේ ශිෂ්‍ය සංගම් වල නිල තල සඳහා පුහුණු කිරීමක් ද සිදුවේ.(එය ඔවුන් දැනුවත්ව හෝ නොදැනුවත් ව සිදුවේ),මෙලෙස සිදු වන ක්‍රියාදාමයේදී නවකයන් සදහා පහසුකම් සැලසීමද අඩු/වැඩි වශයෙන් සිදුවේ.
මේ සදහා පවත්වන රැස්වීම් ආදිය රෑ බෝ වන තුරු පැවතීම මෙ‍ම කාලයේදී සුලභ දසුනකි.ඒවායේ ද බොහෝ විට කථා කරනුයේ විකාරය,ඉන්පසු ඔවුන් නිවස්න කරා පැමිණේ ,පසුදාට ද එසේමය.
දෙවන දවසේදී නවක ශිෂ්‍යයන් ‍වෙත ජේ්‍ය්ෂඨ සිසුන් විසින් සුලු සුලු අඩම්තේට්ටම් කරනු ලැබේ. ඒවායේ අරමුණ වනුයේ නවක සිසුන් බිය වද්දා ගැනීමය.ඉන් පසු මෙ‍ම හිරිහැර පිළිවෙළින් දරුණු කරණු ලැබේ.තමන් මුලු ජීවිතයටම අසා නොතිබුණු කුණුහරුප මෙහිදී අසන්නට ලැබේ.ඉන් පසු කායික හිංසනයද පටන් ගනී.මුලින්ම එය කළිසම /සාය පිටින් බිම දණ ගෑම ඇර‍නඹේ.තව ටික දිනකින් වැළි ‍‍දමන ලද සිමෙන්ති ‍බිමේ ද , ඉන්පසු තාර පාරවල් වලද ඉන් පසු වැලි සහිත බිම් කොටස් වලද දණ ගෑමට සිදුවේ.
මෙම ක්‍රියාවලදී සිසුන් තුවාල වීම ජ්‍යේෂඨ යන් ට ගණනක් නැත.ඔවුන් කෙමෙන් කෙමෙන් නවක සිසුන් මානසිකව මෙන්ම කායික වද හිංසනයට බදුන් කරති.තවද නේවාසිකාගාර වල සිසුන් අදින සරම් ආදිය තිබෙනුයේ හිසේ ජඨාවක් ලෙසය. නිරුවත් සිසුන් ලිංගික හිංසනයන්වලට පත් කිරීම මෙහිදී සිදු කරයි.
ඔවුන් මේවා නවක සිසුන්ට ලබා දීම සදහා හේතු රාශියක් පෙන්වයි ඉන් කිහිපයක් නම් ,

*අසැබි වදන් වලින් බැන වදිනුයේ ඔවුන් ඉදිරියේදී සමාජයේදී ,කැට වලට යාමේදී මිනිසුන් ගෙන් අසන කුණු බැණුම් වලට ඔරොත්තු දීමටය.
*නිරුවත්ව සිටිනුයේ ඔවුන් ට එය හුරු කිරීමටය.!

මේ හේතු කිහිපයකි.
මෙ‍ම කාලයේදී නවක සිසුන්ට කිසිදු අයුරකින් තම ඇදුම් සේදීම තහනම්ය.එමෙන්ම ඉනෙන් පහළ කොටස හැරෙන්නට ශරීරයේ ඉතිරි කොටස සේදීම තහනම්ය,මෙයට හේතුව වනුයේ ඉදිරියේදී සිදුවන උද්ඝෝෂණ වලදී ඇඟ පත සේදීමට නොහැකි වන බැවින් ඒවාට නවකයා හුරු කිරීමය.
මේ කාලයේදී නවකයන්ගේ මොළ ශෝධනය brain wash ඇර‍ඹේ.ජ්‍යේෂ්ඨයන් පවසන දෑ පරම සත්‍ය ලෙස සිතන බොහෝ අය සමාජය සමග යහමින් මුහු වී නැති අය බව සත්‍යයකි.තවද මේ අතර මෙම කුළකයට අයත් නොවන ජ්‍යේෂඨයන් පවසන දෑ පරම සත්‍ය යැයි ලෙස සිතන නාගරික අයද අතලොස්සක් සිටිති!(ඔවුන් මානසික රෝගීන් යැයි සිතේ).මොවුන් දෙපිරිසම අනාගත (අ)ශිෂ්‍ය සංගම් වල නිල තල පසු කාලයේ උසුලනු ඇත.
මීළඟ කොටසින් අන්තරය යනු කුමක්ද යැයි සොයා බලමු............
Share/Save/Bookmark

1 comment:

Post a Comment