Sunday, December 13, 2009

මෙගා ටෙළි ගොහොරුවේ වැජඹෙන ‘සරා’‍

මෑත කාලයේදී ඉන්දියානු මනෝ විකාර මෙගා ටෙලි නාට්‍ය වලට තරගකාරී ලෙස බිහිවුණු සිංහල ටෙලි නාට්‍යයක් ලෙස දෙරණ නාලිකාවේ සරා ටෙලිනාට්‍ය එහි මුල් විකාශන කාලයේදී සමස්ථ ලාංකීය ජනයා පිළිගත්හ.නමුත් මේ වනවිට මෙය සාම්ප්‍රදායික ඉන්දියානු මනෝ විකාර ටෙලිනාටක වලටත් එහා ගොස් ඇති බවක් පෙනී යයි.

මෙහි එක් කතාංගයක් ආසන්න වශයෙන් විනාඩි 17 පමන තිබේ.ඉතිරි විකාශන කාලයම වෙන්වන්නේ වෙළද දැන්වීම්වලටය.ඉන්දියානු ටෙලි නාටක වලට සාපේක්ෂව දැන් නම් මෙහි වෙනසකට ඇත්තේ ලාංකික රංගන ශිල්පිණියන්/ශිල්පීන් රංග‍‍නයේ යෙදීම පමණකි.සමස්ථයක් ලෙස කීමට ඇත්තේ සරා නැරඹීම යනු විනාඩි 30ක වෙළද දැන්වීම් පෙළක් නැරඹීමට සමාන බවය.

එපමණක් නොව වෙළද භාණ්ඩයක් ලෙසට අපේකම විකුණන දෙරණ නාලිකාව (අප එහි වැරද්දක් දකින්නේ නැත,නිවැරදිව එය සිදු කරනවානම්!)මේ වනවිට සාම්පුදායික විකාර රූපවාහිනී නාලිකාවක්  බවට පත්වෙමින් සිටින බවක්ද පෙනී යයි.

අපට නැවතත් පැවසීමට ඇත්තේ දඩුබස්නාමානය,ගිරය,අකාල සන්ධ්‍යා,රැජිණි,වෙද හාමිනේ,පළිගු මැණිකේ,කෙම්මුරය වැනි ගුණාත්මක ටෙලි නිර්මාණ නැවත බිහිවීමේ ඡායාවකදු පෙනෙන්නට නැති බවය෴


Share/Save/Bookmark