Sunday, November 29, 2009

විශ්ව විද්‍යාල නවක ශිෂ්‍ය නව්‍යකරණය අන්තරය හා ජවිපෙ(iii)

අප පසුගිය ලිපියේදී නවක ශිෂ්‍ය නව්‍යකරණය පිළිබඳ කරුණු හෙළි කලෙමු.මෙවර අප ඔබට සඳහන් කරනුයේ අන්තරය නොහොත් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය හා ජවිපෙ පිළිබඳවයි.

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය බිහි වූ හැටි.

1979  ශිෂ්‍ය ව්‍යාපාරය වෙනුවෙන් අ.වි.ශි.බ ආරම්භ විය.මේ සදහා එවකට රජයන්ගේ තිබූ අති මර්ධනකාරී ක්‍රියාවලිය හේතු වූ බව පෙනී යයි.ශිෂ්‍ය වීරයන් ලෙස හදුන්වන බහුතරයක් ශිෂ්‍යයන්ගේ ජීවිත මෙය බිහි වීමට පෙර අති බිහිසුණු ලෙස විනාශ වී යාම මේ සදහා පිරිස සංවිධානය කිරීමට/කරගැනීමට හේතු වූ උත්ප්‍රේරකය බැව් පැවසිය හැක.

මෙහි ප්‍රධානතම නිල තලය වනුයේ “කැදවුම්කරු” තනතුරු ය.පළමු කැදුවුම්කරු වනුයේ ශාන්ත බණ්ඩාර මහතාය
මොහුද එවකට රජයේ නිල(නොලත්) බෙලිකපන හමුදාව විසින් ඝාතනය කරනු ලැබීය.මෙම තනතුර සදහා ‍පුද්ගලයෙකු තෝරා ගනු ලබනුයේ එයට සම්බන්ධ  සරසවි වල මහා ශිෂ්‍ය සංගම්වල යෝජනාවකිනි.

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ ප්‍රධාන අරමුණු

* නිදහස් අධ්‍යාපනය ආරක්ෂාකිරීම
* ශිෂ්‍ය සුභසාධන කටයුතු වලට මැදිහත් වීම.
* ජාතික අරමුණුවලට සංවේදී වීම.

මෙම අරමුණ ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරයකට පමණක් නොව සමස්ථ නිදහස් අධ්‍යාපනය ලබන සියලුම ලාංකික පුරවැසියන්ට අදාල විය යුතු බව සැබෑය.නමුත් ශිෂ්‍ය වීරයන් ගේ රුධිරයෙන් බිහි වනු මෙම ව්‍යාපාරය වර්තමානයේ තම සාමාජිකයන් හසුරුවන අයුරු නම් ලජ්ජා සහගතය.

මෙයට හේතුව කුමක්ද?

මෙයට පුධාන හේතුව වනුයේ අන්තරය මේ වන විට ජවිපෙ ට අමු අමුවෙම කඩේ යාමයි.අන්තරය බිහි වීමට ජවිපෙ රුකුලක් වූ බැව් සැබෑය.නමුත් මෙවන් වටිනා ශිෂ්‍ය ව්‍යාපාරයක් සැබැවින්ම ජවිපෙට පමණක් තම දේශපාලන අරමුණ මුදුන් පත් කර ගැනීම උදෙසා කඩේ යාමට යොදා ගැනීම නම් ලාංකික පුරවැසියන් කිසිදාක අනුමත නොකරනු ඇත.

ජවිපෙ ද සිංහල ග්‍රාමීය තරුණ පරපුර කුල්මත් කළ ලංකාවේ එකම දේශපාලන රටාවයි.නමුත් ඔවුන්ට කිසිදාක රටේ පාලන බලතල තබා ඇමති ධුරයක් වත් ගැනීමය නොහැකි වනු ඇත.එවන් සෝදා පාලුවකට පත් පත් මක්ෂයක් ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරයක් තම අරමුණු වෙනුවේන් යොදාගැනීම කෙසේ අනුමත කරම්ද?

එපමණක් නොව නවක ශිෂ්‍ය නව්‍යකරණය ක්‍රියාත්මක කරනුයේ ද අන්තරයේ ප්‍රධාන අනුමැතිය හා අනුදැනුම යටතේ වීම නොරහසකි.මෙ‍මගින් බොහෝවිට සිදු කරන මොළ ශෝධනය (Brain Wash) කාවදිනුයේද/ හසුවනුයේද  ජවිපෙ ඉලක්ක කළ තරුණ කොටසට බැව් පසක් වී යයි.මෙයින් සිදුවනුයේ අංහිසක දෙමාපියන්ගේ බලාපොරොත්තු සුණු විසුණු වී යාමයි මන්ද මෙම කථාවලට හසුවන බොහෝ අය සිතනුයේ ජ්‍යේෂඨ උත්තමයන් කියන්නේ පරම සත්‍ය යැයි සිතීමය.ඉන් පසු ඔවුන් ක්‍රියකරනුයේ ලාංකීය පුරවැසියන් තම ධනය යොදා රටේ අනාගතය වෙනුවෙන් කළ මහගු ආයෝජනය අපතේ යාමයි.මෙයට හොදම උදාහරණය මේ සදහා සහභාගි වන බොහෝ ශිෂ්‍යයන්ගේ අවසන් විභාග ප්‍රතිඵල අතිශයින් ඛේද ජනක තත්වයක පැවතීමයි.ඔවුන් බොහෝ විෂයන් සදහා නැවත නැවත පෙනී සිටියි!

මෙම විකාර ක්‍රියාදාමය හරිහැටි තේරුම්ගත් සිසුන් පිරිසක්ද සිටි.හොදම උදාහරණය නම් මේ වනවිට බොහෝ සරසවි වල විද්‍යා පීඨ අන්තරයෙන් ඉවත් වීමයි.වයඔ සරසවියේ බහුතරයක් පීඨ මේ වන විට අන්තරයේ සාමාජිකත්වයෙන් ඉවත් වී ඇත.මෙම ඉවත් වීම අයෙකුට හොද දෙයක් යැයි කිව හැක නමුත් ශිෂ්‍ය ව්‍යාපාරයක් නැසීමද සිදු නොකළ යුත්තකි.අප පවසනුයේ වත්මන් ලාංකිය ශිෂ්‍ය ව්‍යාපාරය කිසිවෙකුට කඩේ නොයන ලෙස ස්වාධීන එකමුතුවක් ලෙස පැවත්වීමයි.(ගැලවිය යුත්තේ ලෝක බැංකුවේ PLUG එක නොව අන්තරයේ හා ජවිපෙ PLUG එකය).

අන්තරයට සල්ලි කොහෙන්ද?

බොහෝ විට අන්තරයට මුදල් සැපයෙනුයේ එයට සම්බන්ධ මහා ශිෂ්‍ය සංගම් වල අනුග්‍රාකත්වයෙනි.සම්ප්‍රදායක් ලෙස නවක වධයෙන් පසු නවකයන් හිගා කන පලමු කැටය අන්තරයට ලබා දේ.(පළමු කැටය එම සිසු කණ්ඩායමේ විශාලතම ආදායම උපයන අවස්ථාව වේ.මෙය බොහෝ විට රු100000 ට වඩා වැඩිය. එය එම පිරිස මත රදා පවතී) පුදුමය නම් මෙම මුදල් වල අයවැය නම් කිසිදාක එළියට නොපැමිණීමයි.මෙමගින් උපයන ආදායම් වල නම් කිසිදු විනිවිද භාවයක් නම් නැත්තේමය.අන්තරය මෙමගින් සොයාගන්නා මුදල් වලන් සිදු කරන පුධානම දේ නම් ජවිපෙ සේම අති දැවැන්ත පෝස්ටර් ව්‍යාපාර විටින් විට දියත් කිරීමය!

මෙම ලිපිය ‍අක්ෂරයේ මේ සම්බන්ධව ලියැවෙන අවසන් ලිපිය වීමට බොහෝ දුරට ඉඩ ඇත.(තවත් තොරතුරු අවශ්‍ය නම් comment යෙදීමෙන් අපට පැවසිය හැක.)

එසේ වූවත් දැන් වෙනසකට කාලය එළබ ඇත.සියලු ප්‍රගතිශීලී ශිෂ්‍ය (සාම්ප්‍රදායික ප්‍රගතිශීලීන් යැයි කියාගන්නා අය නොවේ) පිරිස මේවාට එරෙහි නොවී රටක් දැයක් ශිෂ්‍ය පිරිසක් ලෙස සමස්ථ ලාංකීය පුරවැසියන් කරන ආයෝජනයට සාධාරණයක් ඉටු කළ යුත්තේය.මෙවන් ම‍නෝ විකාර වලින් පෙලෙන්නන්ට එරෙහි නොවී කළ යුත්තේ සමස්ථ ජනතාවට එහි තීරණය ලබා දීමට ඉඩ සැලැස්වීමය.

‍එසේ වන‍තෙක් අප බලාසිටින්නෙමු…………….‍


Share/Save/Bookmark

3 comments:

Anonymous said...

අන්තරය පිළිබඳවත් නවක වදය හා පොදුවේ ශිෂ්‍ය ව්‍යාපාර පිළිබඳවත් දැක්වූ විරල මැදහත් අදහස් කිහිපයක්.

අන්තරය, මහා ශිෂ්‍ය සංගමය වැන්නන්ගේ ක්‍රියා කලාප නිසා ශිෂ්‍යයන් සිටින්නේ දේශපාලනය කිරීමට නොව ඉගෙන ගැනීමට පමණක් යැයි මතය ලාංකීය සමාජය තුලත් ශිෂ්‍යයන් තුලත් ඉතා තදින් මුල් බැසගෙන තිබෙනවා. ශිෂ්‍ය දේශපාලනය විහිළුවක් බවට පත් වී ඉවරයි.

සරසවි තුල ජවිපෙ විසින් ගෙන යන ග්‍රාමීය තරුණ තරුණයින් ආකර්ශණය කිරීමට යොදා ගන්නා සොඳුරු සටන් පාඨ හේතුවෙන් දැන් ග්‍රාමීය දේශපාලනයකුත් නාගරික දේශපාලනයකුත් වශයෙන් දෙකක් බිහිවෙලා. මෙයින් බොහෝවිට ග්‍රාමීය දේශපාලනය කඳවුරු බඳින්නේ ජවිපෙ වාදය, නලින් වාදය වැනි යල් පැන ගිය හණ මිටි අදහස් පාදක කරගෙන. මේ පිළිබඳ ඔබගේ අදහස් දක්වන්න.

එමෙන්ම අන්තරය හා අනෙකුත් ජවිපෙ හිතවාදී ශිෂ්‍ය ව්‍යාපාර ගෙනයන්නේ යැයි පැවසෙන සූක්ෂම ක්‍රියා කලාප (සරසවි ප්‍රවේශය ලැබූ එහෙත් තවමත් සරසවියට නොපැමිණි සිසුන් හමුවට යෑම එක් උදාහරණයක්) පිළිබඳ සත්‍ය කුමක්ද?

Kanishka said...

සහතික ඇත්ත.

තීර්ථ යාත්‍රිකයා said...

අදහස් දැක්වීම පිළිබද ස්තුතියි.ඔබේ ප්‍රශ්ණ වලට පිළිතුරු ලගදීම ලිපියකින් බලාපොරොත්තු වන්න.

Post a Comment