Monday, November 30, 2009

JOHN සීනා…….. (සරළ බව x සරළ බව)

මේ දවස් වල අතිශයින් ප්‍රචලිත වුණ මෙ‍ම ගීතය ගැන යමක් ලියන්න තිබුන නම් කොච්චර හොදද කියලා තිබ්බත් ඒකට කාලය හොයාගන්න සෑහෙන දවසක් ඉන්න උනා ඔන්න අන්තිමේ ඒ දවසත් උදා වුණා.

මේ ගීතය අතිශයින්ම පද රචනයෙන් මෙන්ම වාදනයෙන්ද අතිශයින් සරල වීමත් මෙයින් සමාජයට දෙන පණිවිඩය පිළිබද සැලකූ විට මේ වෙනුවෙන් යමක් ලියන්න මීට වඩා සුදුසුකමක් තිබේදැයි සිතේ.

මෑත කාලයේ Wrestling උන්මාදයක් රට පුරා පැතිර ගිය බවට සාක්ෂි අදටත් පිටකොටුවේ ඇති VCD නටඹුන් වලින් ඕනෑම අයෙකුට දල අදහසක් ගත හැක.මෙහි එන ප්‍රධාන ක්‍රීඩයෙක් වන JOHN CENA  අපේ පොඩි එවුන් ගේ මනසට කා වැදී ඇති ආකාරය මෙම ගීතයෙන් මනාව ඉස්මතු කොට පෙන්වයි.

මෑත කාලයේ බිහි වූ අවර ගණයේ ගීත වලට මෙන්ම බිහිවන සෑම ගීත නිර්මාණයකටම රැහැයියන් මෙන් කැගසන පිරිසටද මෙම ගීතය අතුල් පහරක් වූවා නිසැකය.රුප රචනයද එසේමය අතිශයින්ම සරළය නමුත් සමාජයට එයින් ‍ලැබුනු පණිවිඩය නම් ඉතා අගනේය

මෙවන් ගීත ඉදිරියටත් බිහි වීමට මෙය මල් මිටක් වේවා!!!


Share/Save/Bookmark

7 comments:

budhajeewa said...

එක "ප්‍රවීන" "සංගීතඥයෙක්" මෙම ගීතය විසින් "ගීතය" යන්නෙහි අර්ථකතනයට මහා විනාශයක් කර ඇති බවත්, මෙය හුදු කියවිල්ලක් මිස ගීතයක් නොවන බවත් ඕක ආපු මුල් කාලෙම ගුවන් විදුලි නාලිකාවකින් කියනවා මම අහගෙන.

:P

Randika Sedara said...

" pravina " yanuwen hadunwana pudgalayanta boho wita Sarala bawa 'allergi' wee

Anonymous said...

පැහැදිලිවම ඒ සරල බව තුල ඔහු සංගීතය තුල කොතරම් ගවේෂණයක් පරිචයක් හා විනයක් ලබාගෙන ඇත්ද යන්න නම් විශ්මයජනකයි!
country music - ගතියක් දෝ තියෙනව! වටිනා නිර්මාණයක් මට නම් මේක!

හසිත මදුශංක said...
This comment has been removed by the author.
හසිත මදුශංක said...

පද පේලි දෙකක් අතර අබ ඇටයක තරම්වත් ගැලපීමක් නැති "රම්බරීට" වඩා "ජොන් සීනා" කොතරම් අගනේද?......

(කොමෙන්ට් දානකොට තියෙන "Word Verification" අයින් කලානම් ඊටත් වඩා අගනේය....)

Thilina Priyalal Koggalage said...

* ඔබත් සමඟ එකගයි හසිත. *

දුකා said...

ඇත්තෙන්ම ලස්සන ගීතයක් . . . !!

Post a Comment